Friday, March 29, 2024

General line - 0115112241

දිල්ලියේ වායු දූෂණය මැද ඉන්දියාවට වාර්තාගත ක්‍රිකට් පරාජයක්




දිල්ලියේ ඇති වාර්තාගත වායු දූෂණය මැද පැවැති පන්දුවාර 20 යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම හමුවේ අමිහිරි පරාජයක් ලැබීමට ඉන්දියාවට සිදුවුණා. දෙරට අතර පැවැති පළමු පන්දුවාර 20 යි 20 තරගය ද මෙයයි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 දී කඩුළු 06 කට ලකුණු 148 ක් රැස්කළා. බංග්ලාදේශය කඩුළු 03 ක් පමණක් දැවී ලකුණු 154 ක් රැස්කළේ පන්දුවාර 13.3 ක් තුළදීයි. පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ඉතිහාසයේ බංග්ලාදේශ කණ්ඩායම හමුවේ ඉන්දියාව පරාජයට පත්වූ පළමු අවස්ථාව මෙය වනවා. 

මෙම තරගයට පෙර තරගය පැවැති දිල්ලි නුවර වායු දූෂණය පැවතුනේ අධි අවදානම් තත්ත්වයකයි. එය සාමාන්‍ය වැසියන් හට දරාගත නොහැකි මට්ටමක් දක්වා වර්ධනය වී තිබුණා. තරගයට එක්වූ ක්‍රීඩකයින් පුහුණුවීම් සිදුකළේ ද මුඛ ආවරණ පැළඳගෙනයි.