Friday, April 26, 2024

General line - 0115112241

උතුරේ අතුරුදහන්වුවන්ගේ ඥාතින් ගෙන් දමිල දේශපාලඥයින්ට දැඩි විරෝධයක් (PHOTOS)

මාධව කුලසූරිය -වවුනියාව




අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ඊයේ පස්වරුවේ දෙමළ ජාතික සන්ධාන දේශපාලනඥයින්ට එරෙහිව සිදුකළ විරෝධතාව උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ විරෝධතාවට එක්වූ කාන්තාවක් දෙමළ දේශපාලඥයින් වෙත සෙරෙප්පුවකින් පහරදීමට ද උත්සහ කළ බවයි. 

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් දෙමළ ජනතාවගේ ජන්දයෙන් පත්වී දෙමළ ජනතාවගේ ගැටළු අමතක කර ඇති බවයි. දේශපාලන වාසි ලබා ගැනීම වෙනුවෙන් ඔවුන් රටේ ජනාධිපතිවරුන් පත් කිරීමේ උත්සහයක නිරතව සිටින බවටයි අතුරුදහන්වූවන්ගේ ඥාතීන් චෝදනා කළේ.

අතුරුදහන්වූවන්ගේ ගැටළුවට විසදුම් ලබාදෙන ලෙසට ඉල්ලීම් කිරීමට ඇතුළු දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් හමුවීමට එහිදී එම පිරිස උත්සහ කළද පොලිසිය ඊට අවසර ලබා නොදුන් බව නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවා.