Friday, April 26, 2024

General line - 0115112241

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ අමුතු වැඩක් කළ තරුණයින් පිරිසක් (PHOTOS)




නෙත් එෆ් එම් ගුඞ් නිව්ස් හරහා අද අනාවරණ කරන්නේ අඩි 300 ක් දිග අඩි 12 ක් උස විශාල තාප්පයක් අලංකාර චිත්‍රයක් බවට පත්කළ තරුණයින් පිරිසක් පිළිබඳවයි. කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කන්ද කපාපු හන්දිය ප්‍රදේශයේ පිහිටා ඇති මෙම තාප්පය දැඩි ලෙස අපවිත්‍ර වී දුර්වර්ණ වී තිබුණා.

එය දුටු දඹුල්ලේ සමන්ත කුමාර ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සිය මිතුරන් ද කැටුව මෙම තාප්පය පිරිසිදු කළා. ඉන් නොනැවතුණු ඔහු සිය මිතුරන්ගේ ද සහායෙන් තාප්පයේ අලංකාර පෙරහරක චිත්‍රයක් නිර්මාණය කළේ, ප්‍රදේශයේ හරහා ගමන් ගන්නා දහසකුත් දෙනාගේ නෙතට ප්‍රිය දසුනක් එක් කරමින්. 

කිසිදු ලාභ අපේක්ෂකාවකින් තොරව සිය දක්ෂතාවයෙන් හා හැකියාවෙන් සියලුදෙනාගේ යහපත වෙනුවෙන් කටයුතු කරන පරාර්ථකාමී මිනිසුන් අදට ද සමාජයෙන් මුණ ගැසෙනවා. චිත්‍ර ශිල්පී දඹුල්ලේ සමන්ත කුමාර ද එවැනි මිනිසෙක්. 

සතුටින් ජීවත්වීමට ඔබ දිරිගන්වන නෙත් එෆ් එම් සතුටු සඳුදා අදයි.