Wednesday, April 24, 2024

General line - 0115112241

සුපිරි වෙලදසැලක් තුලදී මන්ත්‍රීවරයෙකුගේ කනක් සපාකයි




සුපිරි වෙළඳ සංකීර්ණයක් තුළ මන්ත්‍රීවරයෙකුගේ කනක් සපා කෑ පුද්ගලයෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ හොංකොං රාජ්‍යයේ සති අන්ත විරෝධතා පැවැති වෙළඳ සංකීර්ණය තුළ කලහකාරී අයුරින් හැසුරුනු සැකකරු, තවත් පුද්ගලයින් තිදෙනෙකුට හා කාන්තාවකට පිහිඇනුමක් ද සිදුකර ඇති බවයි. ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව ද සඳහන්.

පිහිඇනුම් සිදුකළ සැකකරු එම ස්ථානයෙන් පිටව යාම වැළැක්වීමට මන්ත්‍රීවරයා උත්සහ දරා ඇති අතර එම අවස්ථාවේදීයි සැකකරු අදාළ මන්ත්‍රීවරයාගේ කන සපා කා ඇත්තේ. වෙළඳ සංකීර්ණයේ සිටි පුද්ගලයින් විසින් සැකකරුට පහර දී ඇති අතර පසුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.  කන සපා කෑමෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරයා ද රෝහල් ගත කර තිබෙනවා.