Friday, April 19, 2024

General line - 0115112241

අමෙරිකාව පැරිස් කාලගුණ සම්මුතියෙන් ඉවත්වීමේ ක්‍රියාවලිය අරඹයි




අමෙරිකාව, පැරිස් කාලගුණ සම්මුතියෙන් ඉවත්වීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබෙනවා. අමෙරිකාව ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ද දැනුම් දී ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. අමෙරිකාවේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පැරිස් කාලගුණ සම්මුතියට අයත් අනෙක් සාමාජික රටවල් සිය කණගාටුව පළ කළා. 

පැරිස් කාලගුණ සම්මුතිය හරහා අමෙරිකානුවන්ට අසාධාරණ ආර්ථික බරක් දැරීමට සිදුවන බව අමෙරිකාවේ අදහසයි. ඒ අනුව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ තීරණයකට අනුව වසරක ක්‍රියාවලියකින් අනතුරුව අමෙරිකාව එම ගිවිසුමෙන් ඉවත් වනු ඇති. එහි ආරම්භය 2020 ජනාධිපතිවරණයෙන් පසුදින ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ. 

ගෝලීය උණුසුම ඉහළ යාම, කාර්මීකරණයට පෙර පැවැති අගයට වඩා සියයට 2 කට අඩු අගයකින් පවත්වාගෙන යාම පැරිස් සම්මුතියේ අරමුණක් වනවා. ඒ සඳහා එක්ව සිටින රටවල් සංඛ්‍යාව 188 ක්.