Friday, March 29, 2024

General line - 0115112241

ලිපි දෙකක් නිසා කාශ්‍යප හිමියන් මාරාන්තික උපවාසය අත්හරි (PHOTOS)




අමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට එරෙහිව මාරාන්තික උපවාසයක් ආරම්භ කළ පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් සිය උපවාසය අත්හරිනු ලැබුවා. ඒ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එවනු ලැබු ලිපි දෙකක සදහන් කරුණු අනුවයි.

අමෙරිකාව සමග අත්සන් කිරිමට යෝජිත ගිවිසුම කිසිවිටකත් ජනාධිපතිවරණයට පෙර අත්සන් නොතබන බවට ආණ්ඩුව තීරණය කර ඇති බව නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ලිපියක් මගින් පුජ්‍ය උඩදුම්බර කාශ්‍යප හිමියන් වෙත දැනුම් දි තිබෙනවා.

අමෙරිකාව සමග අත්සන් තැබිමට නියමිත එම ගිවිසුමට එරෙහිව පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් අද (05) උදෑසන කොළඹ දී මාරාන්තික උපවාසයක් ආරම්භ කරනු ලැබුවා.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ලිපියක් යොමු කරමින් සදහන් කර ඇත්තේ ජනාධිපතිවරණයෙන් පසුව එම ගිවිසුම අත්සන් තබන්නේ නම් එය සිදුකරන්නේ පාර්ලිමේන්තුවේදි හා ඉන් පිටතදි සිදුකරන සංවාදයකින් පසුව බවයි.

තමන් කිසිම විටක රටට අහිතකර ගිවිසුමකට නොඑළඹෙන බවත් එමෙන්ම මෙම ගිවිසුම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියා මාර්ග ගැනිමේදි ඒ ගැන උඩුදුම්බර කාශ්‍යප හිමියන් ඇතුළු මහා සංඝරත්නය සමග සාකච්ජා කොට අවවාද අනුශාසනා ලබා ගන්නා බව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සිය ලිපියේ වැඩිදුරටත් කරුණු දක්වා ඇත.

මේ අතර මාරාන්තික උපවාසයේ නිරත කාශ්‍යප හිමියන් වෙත ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ද ලිපියක් යොමු කර තිබෙනවා.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මැතිවරණ ප්‍රතිඵල නිකුත් වන මොහොත දක්වා මෙම ආණ්ඩුව විසින් අත්සන් තබන ලද සියලුම ගිවිසුම් ජාතික ආරක්ෂාව, ස්වෛරීයභාවය සහ ජාතික අවශ්‍යතාවයන්ට යටත්ව නැවත සලකා බැලීමටත් ජාතික උවමනාවන්වලට පටහැනි නම් ඒවා අහෝසි කිරීමට කටයුතු කරන බව ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ලිපියේ සදහන් කර ඇත.