Thursday, April 25, 2024

General line - 0115112241

සිසුන් 07 දෙනෙකු වෙනුවෙන් නේපාලයේදී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය සුදානම්




නේපාලයේ කත්මණ්ඩු නුවර දී මෙවර පැවැත්වීමට නියමිත 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන සිසුන් 7 දෙනෙකු සඳහා 2019 දෙසැම්බර් මාසයේ පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ට නේපාලයේ සිට එම විභාගයට පෙනී සිටීමේ අවස්ථාව සලසා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ද සහාය ඇතිව නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග සම්බන්ධීකරණය වෙමින් මෙම අවස්ථාව තරගාවලියට එක්වන සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට අවස්ථාව සලසා දීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නීතීරීතිවලට යටත්ව, රහස්‍යභාවය, විශ්වසනීයබව හා ආරක්ෂාකාරීබව පවත්වාගනිමින් ශ්‍රී ලංකාවේ එම විභාගය පැවැත්වෙන වේලාවට අනුරූපව මෙම සිසුන් සඳහා නේපාලයේ කත්මණ්ඩු නුවරදී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට පියවර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. 

ඒ වෙනුවෙන් නේපාලය බලා පිටත්ව යන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් විසින් මෙම විභාගය සියලු අධීක්ෂණ කටයුතු සිදුකරන අතර එම නිලධාරීන්ගේ ගුවන් ප්‍රවේශපත් හා නවාතැන් සඳහා වියදම් ජාතික ඔලිම්පික් කමිටුව විසින් දැරීමට එකඟ වී ඇත.