Friday, March 29, 2024

General line - 0115112241

ජන්දය වැරදුනා කියා අමතර ජන්ද පත්‍රිකා ඉල්ලීමෙන් වලකින්න : මැ.කො.ගෙන් විශේෂ දැනුම් දීමක්




ජන්දය ලකුණ කිරීමේදී තමන් ජන්දය භාවිතා කරන අපේක්ෂකයාගේ නම ඉදිරියෙන් ජන්දය ලකුණු කිරීමේදී යම් හෙයකින් අත්වැරැද්දක් සිදුවුවහොත් ඒ වෙනුවට වෙනත් ජන්ද පත්‍රිකාවක් ලබාදීමට ජන්ද මධ්‍යස්ථානයේ ජේෂ්ඨ ජන්ද ස්ථානාධිපතිවරුන්ගෙන් ඉල්ලීම් සිදුනොකරන ලෙස මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කර සිටිනවා.

නොවැම්බර් 16 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ජන්දය භාවිත කරන ජන්ද දායකයින් මේ හේතුවෙන් ඉතා අවධානයෙන් යුතුව තමන්ගේ ජන්දය භාවිතා කරන්නැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ.

"ජන්දය ලබා දෙන අපේක්ෂකයාගේ නම ඉදිරියේ කතිරය හෝ අංක එක (01) ලෙස සටහන් කිරීමට ජන්ද දායකයින්ට හැකි අතර යම් අයෙකුට මනාප ලකුණු කිරීමේ අවශ්‍යතාවයක් ඇත්නම් ඒ ඒ අපේක්ෂකයාගේ නම ඉදිරියෙන් අංක 2 සහ 3 වශයෙන් ලකුණු සිදුකළ හැකියි. යම් හෙයකින් තමන් ජන්දය දීමට බලාපොරොත්තුව සිටියේ මේ අපේක්ෂකයාට වුවත් අත්වැරදීමකින් එය වෙනත් අපේක්ෂකයෙකුට ලකුණු කළා යැයි පවසමින් ඒ වෙනුවට වෙනත් ජන්ද පත්‍රිකාවක් ලබා දෙන ලෙස ඉල්ලා ජන්ද මධ්‍යස්ථානයේ ජේෂ්ඨ ජන්ද ස්ථානාධිපතිවරුන්ට ඉල්ලීම් සිදු නොකරන ලෙසත් ඔවුන්ට ඒ සඳහා බලයක් නොමැති බවයි" මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.