Thursday, April 25, 2024

General line - 0115112241

අනිසි බියක් ඇති කර දේශපාලන වාසි ගන්න හදනවා : පොහොට්ටුවෙන් එජාපයට චෝදනාවක්




ජනතාව අතර අනිසි බියක් ඇති කර, දේශපාලන වාසි ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂය උත්සාහ දරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එම පක්ෂ කාර්යයාලයේ අද (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මේ බව කියා සිටියා. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියේ ඉදිරි දින කිහිපය තුළ ද ජනතාව බිය වද්දන සහ අසත්‍ය තොරතුරු ප්‍රතිවාදීන් විසින් පැතිරවීමේ හැකියාවක් ඇති බවයි.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ පළ කළේ මෙවන් අදහසක්.