Tuesday, April 23, 2024

General line - 0115112241

සෑම දිළිඳු පවුලකටම රජයේ රැකියාවක් ලබාදෙන බවට ගෝඨාභයගෙන් ප්‍රකාශයක්




සෑම දිළිඳු පවුලකම එක් අයෙකුට හෝ රජයේ රැකියාවක් ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. පොළොන්නරුව ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.

රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය පළ කරමින් මෙම ජන රැළියට එක්වීම ද විශේෂත්වයක්. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද මෙම ජන රැළිය ඇමතුවා.