Friday, March 29, 2024

General line - 0115112241

පුපුරණ ද්‍රව්‍ය පාලක කාර්යයාලයේ නිලධාරියෙකු ලෙස ව්‍යාජව පෙනී සිටි අයෙකු ගලේවෙලදී අත්අඩංගුවට

කාංචන කුමාර ආරියදාස - දඹුල්ල




පුපුරණ ද්‍රව්‍ය කාර්යයාලයේ නිලධාරියෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් ගල් වලවල් හිමිකරුවන්ගෙන් කප්පම් මුදල් ලබා ගත් පුද්ගලයෙකු ගලේවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු, ගලේවෙල මකුළුගස්වැව ප්‍රදේශයේ ගල්වල්වල් හිමිකරුවන් වෙත දුරකථන ඇමතුම් ලබා දී බලපත්‍ර නීති උල්ලංඝණය වී ඇති බව පවසමින් මෙලෙස මුදල් ලබාගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකරු හංවැල්ල පොලිසියට අනියුක්තව සේවය කර, වැඩ තහනමට ලක් වූ පොලිස් කොස්තාපල්වරයෙක් බව ද අනාවරණය වී තිබෙනවා.

සැකකරු දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.