Saturday, April 20, 2024

General line - 0115112241

ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් දැනුම් දීමක්




දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (09) පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 ත් 75 ත් අතර තරමක තද වැසි ඇති විය හැකියි.

මේ අතර, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති බුල් බුල් සුළි කුණාටුවේ බලපෑමෙන් ලබන 11 වනදා දක්වා එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වැලකී සිටින ලෙස ද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.