Thursday, April 25, 2024

General line - 0115112241

රාජ්‍ය අමාත්‍ය එරාන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා පිවිතුරු හෙළ උරුමයෙන් පොලිසියට පැමිණිලි




රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා පිවිතුරු හෙළ උරුමය අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් බෝම්බ පිපිරීමක් සිදු කිරීමට සැලසුම් කරන්නේ යැයි විශ්වාසනීය තොරතුරක් ලැබුණු බවට ඔහු කළ ප්‍රකාශය සම්බන්ධයෙන්.

තහවුරු කරගත නොහැකි හා ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව ජන සමාජය තුළ භීතිය පතුරවමින් නොසන්සුන් කරන එවන් ප්‍රකාශයක් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න විසින් සිදු කර ඇත්නම්, ඔහු අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා ලෙසයි පිවිතුරු හෙළ උරුමය සිය පැමිණිල්ලෙන් ඉල්ලා ඇත්තේ.

මේ, අදාළ පැමිණිල්ල පොලිස් මූලස්ථානයට ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ එහි ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක.