Thursday, April 25, 2024

General line - 0115112241

ලෝක කාය වර්ධන ශූරතා තරඟාවලියේදී ලංකාවට පදක්කම් 02 ක්




73 වන ලෝක කාය වර්ධන ශූරතා තරඟාවලියේදී පදක්කම් 02 ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා. කිලෝග්‍රෑම් 65 බර පන්තියෙන් තරඟ වැදුණු ශගඨග අමිල එහිදී ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනා දුන්නා.

කිලෝග්‍රෑම් 60 බර පන්තියෙන් තරඟ වැදුණු රාජ් කුමාර් එහි රිදී පදක්කම දිනා ගැනීමට සමත් වුණා. මෙවර ලෝක කාය වර්ධන ශූරතා තරඟාවලිය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීයි. ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් 11 දෙනෙකු එක්ව සිටිනවා.