Thursday, March 28, 2024

General line - 0115112241

ගෝඨාභයගේ පුරවැසිභාවය ගැන අමෙරිකාවෙන් නෙත් නිවුස් වෙත පිළිතුරක්




ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් කිසිදු නිල ප‍්‍රකාශයක් කළ නොහැකි බව ශී‍්‍ර ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යයාලය පවසනවා. 

නෙත් නිවුස් කළ විමසීමකදී එහි ප‍්‍රකාශකයෙකු කියා සිටියේ අමෙරිකානු පෞද්ගලිකත්වය පිළිබඳ නීතිවලට අනුව පුරවැසි භාවය හෝ ආගමන විගමන කරුණු සම්බන්ධයෙන් එවැනි ප‍්‍රකාශයක් සිදු කළ නොහැකි බවයි. 

ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසි භාවය සම්බන්ධයෙන් ද කිසිදු නිල ප‍්‍රකාශයක් කළ නොහැක්කේ ඒ අනුව බව මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.