Saturday, April 20, 2024

General line - 0115112241

සජිත්ගේ දැන්වීම් සමග ගෝඨාභයට අපහාස කරන පත්‍රිකා බෙදා හැරි හර්ෂගේ ලේකම්ට ඇප




ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට අපහාස වන ආකාරයේ අත් පත්‍රිකා බෙදා හැරීම සම්බන්ධයෙන් නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගැණුනු පුද්ගලයින් දෙදෙනා ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබෙනවා. රුපියල් ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප මත ඔවුන් දෙදෙනා මුදා හැරුණු බවයි පොලීසිය පැවසුවේ.

ජනාධිපති  ධුර අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ප්‍රචාරණ පත්‍රිකා සමග අදාළ අපහාසාත්මක අත් පත්‍රිකා බෙදා හරින බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණා. සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැණුනේ එවැනි අපහාසාත්මක අත්පත්‍රිකා තොගයක්ද සමගයි. මෙම පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු බවද ප්‍රකාශ වුණා.