Friday, April 19, 2024

General line - 0115112241

සති දෙකක් වසා දැමු ඇල්ල-වැල්ලවාය මාර්ගයේ කොටසක් අද විවෘත කෙරේ




සති දෙකකට වැඩි කාලයක් තාවකාලිකව වසා දමා තිබූ ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් ධාවන කටයුතු සදහා අද (10)  විවෘත වනවා. මෙම මාර්ගය වසා දමා තිබුණේ පස් කදු සහ ගල් කඩා වැටීම හේතුවෙන්.

කඩා වැටුණු පස් සහ ගල් ඉවත් කර පිළිසකර කිරීම් සිදු කිරීමෙන් පසු එහි එක් මංතීරුවක් අද සිට විවෘත කෙරෙන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවා. කෙසේවෙතත් පස් සහ ගල් ඉවත් කිරීම තවදුරටත් සිදු කෙරෙන බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ. 

ඇල්ල සිට වැල්ලවාය දක්වා ප්‍රධාන මාර්ගයේ දුර කිලෝමීටර් 17 ක් වනවා. බදුල්ලේ සිට කතරගම දක්වා යාමට බොහෝ පිරිස් භාවිත කරන්නේද මෙම මාර්ගයයි.