Friday, April 19, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් සහ ජනපති මෛත්‍රීගේ අවසන් කැබිනට් රැස්වීම අද




පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් අද (11) පැවැත්වෙනවා. පෙරවරු 11.30 ට මෙම රැස්වීම ආරම්භවීමට නියමිතයි. ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීම සදහා වූ නව කෙටුම්පතක් මෙහිදී විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා. මේ, ඒ පිළිබද වැඩිදුරටත් කරුණු දක්වන සභා නායක, අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලද නෙත් නිවුස් වෙත මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද රැස් වනවා. පෙරවරු 8.30 ට මෙම කැබිනට් රැස්වීම ආරම්භවීමට නියමිතයි. සාමාන්‍යයෙන් කැබිනට් රැස්වීම පැවැත්වෙන්නේ සතියකට එක් වරක්. ඒ අනුව අද පැවැත්වෙන කැබිනට් රැස්වීම බොහෝ විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අවසන් කැබිනට් රැස්වීමද වනු ඇති.