Thursday, March 28, 2024

General line - 0115112241

ප්‍රදේශ රැසකට අද මිලිමීටර් සියය ඉක්ම වූ වැසි




රට පුරා බොහෝ ප්‍රදේශවලට අදත් පස්වරු 1 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ දකුණ යන පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් විශේෂයෙන් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේත් වැසි ඇති විය හැකි බවයි කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ. 

සබරගමුව, මධ්‍යම සහ ඌව යන පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර සියයක පමණ තද වැසිද අපේක්‍ෂා කෙරෙනවා. වයඹ පළාතේ සහ කොළඹ, ගම්පහ, අනුරාධපුර හා වව්නියාව යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ වැසි අපේක්‍ෂා කෙරෙනවා. වැසි සහිත අවස්ථාවලදී වරින්වර තද සුළංද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.