Thursday, April 18, 2024

General line - 0115112241

විපක්‍ෂ නායක මන්නාරම රදගුරු හමුවෙයි.

මාධව කුලසූරිය / දිනසේන රතුගමගේ




විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා මන්නාරම රදගුරු එමානුවෙල් ප්‍රනාන්දු පියතුමන් හමුවී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මන්නාරම රදගුරු නිවසේදී ඊයේ මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

ජනාධිපතිවරණයට අදාළ කරුණු සහ රටේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමුව තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් පිරිසක්ද විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා සමග මෙම සාකච්ඡාවට සහභාගි වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.