Tuesday, April 23, 2024

General line - 0115112241

මිනීමැරුම් චුදිතයාට සමාව දුන්නේ ඇයි ද යන්න පැහැදිලි කරන්න ජනපති සුදානම් 




තරුණියක් ඝාතනය කිරීමේ චෝදනාවට මරණ දඬුවම හිමිවූ චුදිතයා වන ශ්‍රමන්ත ඇන්තනි ජූඩ් ජයමහා හට ජනාධිපති සමාව ලබදිම සම්බන්ධයෙන් තමන් කරුණු පැහැදිලි කිරීමක් සිදුකිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (11) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කර තිබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

2005 වර්ෂයේදී රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේ දී ඉවෝන් ජොන්සන් නම් තරුණිය ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරුව මරණ දඬුවම නියමවූ චුදිතයාට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් චෝදනා එල්ල කරනු ලැබුවා.

මෙම ඝාතන සිද්ධියේ චුදිතයා වන ශ්‍රමන්ත ඇන්තනි ජූඩ් ජයමහා බන්ධනාගාරය තුලදී යහපත් කල් ක්‍රියාවෙන් ගත කිරීමත් එමෙන්ම ජනාධිපති සමාව ලබාදීමට පෙර ඒ සම්බන්ධයෙන් තමන් විසින් අභියාචනාධිකරණයේ සිටින ජේෂ්ඨ විනිසුරුවරුන් තිදෙනෙකුගේ නිර්දේශද තමන් ලබාගත් බව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කළ බවයි වාර්තා වන්නේ.