Thursday, March 28, 2024

General line - 0115112241

"රෝයල් පාර්ක් ඝාතන සිද්ධියේ වරදකරුට ජනාධිපති සමාව දීම අසාධාරණයි"




රෝයල් පාර්ක් ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයාට ජනාධිපති සමාව ලබාදීම අසාධාරණ කි‍්‍රයාවක් බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්‍ෂක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පවසනවා.

අධිකරණය විසින් නඩු විභාගයකින් අනතුරුව ලබාදුන් දඩුවමක් ජනාධිපතිවරයා විසින් එක පෑන් පහරකින් මෙලෙස කපා හැරීම නීතියේ ආධිපත්‍ය කෙරෙහි ඇති ජනතා විශ්වාසයද බිද දමන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ අනුව සිවිල් සමාජයේ ඉල්ලීම්වලට සංවේදී වී ලබාදුන් ජනාධිපති සමාව අහෝසි කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද අනුර කුමාර දිසානායක මන්තී‍්‍රවරයා පවසනවා.