Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවා ව්‍යවස්ථාවට කැබිනට් අනුමැතිය




“ශ්‍රී ලංකා ගුරු උපදේශක ‍සේවාව” නමින් වෙනම සේවාවක් ස්ථාපනය කිරීම වෙනුවෙන් සම්පාදනය කරන ලද ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවා ව්‍යවස්ථාවට අද (11) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී කැබිනට් අනුමැතිය හිමි වූ බව  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවා.

අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයට මෙන්ම විෂයමාලා නවීකරණයේ දී හා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය නියාමනය කිරීමේ දී ගුරු උපදේශකවරුන්ගෙන් ඉමහත් දායකත්වයක් ලැබෙන අතර, විධිමත් සේවා ව්‍යවස්ථාවක් නොමැතිව වසර ගණනාවක් තිස්සේ නොවිසඳී පැවති මෙම ගැටළුවට ස්ථාවර විසඳුමක් ලබාදීමට හැකිවීම සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක් බව ද, විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ඒ සඳහා තමාට නායකත්වය ලබාදීමට හැකිවීම සතුටට කරුණක් බවද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළා.