Thursday, April 25, 2024

General line - 0115112241

අද රාත්‍රියේ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක්




අද (11) රාති‍්‍රයේ දිවයිනේ ප‍්‍රදේශ රැසකට ප‍්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවනවා.

ඒ, මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණ සහ ඌව යන පළාත්වලට මෙන්ම පුත්තලම දිස්ත‍්‍රික්කයට ද බලපැවැත්වෙන පරිදියි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ සබරගමුව, මධ්‍යම සහ ඌව යන පළාත්වලටත්, ගාල්ල, මාතර සහ කලුතර යන දිස්ති‍්‍රක්කවලටත් මිලිමීටර් 100 ක තද වැසි ඇතිවිය හැකි බවයි. වැසි සමග තද සුළං ද අපේක්ෂා කෙරෙනවා.