Thursday, April 25, 2024

General line - 0115112241

උපන්දින සාදයක් මුවාවෙන් විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටි ස්ථානයක් වටලයි




උපන්දින සාදයක් මුවාවෙන් මත්ද්‍රව්‍ය සහ මත්පෙති භාවිතා කිරීම සඳහා පවත්වමින් සිටි සාදයකදී සැකකරුවන් 22ක් විෂ මත්ද්‍රව්‍ය ද සමග අත්අඩංගුවට ගැනීමට බෙන්තොට පොලිසිය සමත්ව තිබෙනවා.

ඊයේ (10) බෙන්තොට කහගල්ල ප්‍රදේශයේ ස්ථානයකදී මෙම සාදය පවත්වා ඇති අතර එහිදී පැමිණ සිටි පිරිස් හෙරොයින්, ගංජා, මත්පෙති ආදිය භාවිතා කර තිබුණා.

මෙම සැකකරුවන් අවුරුදු 19ත් 48ත් අතර වයස්වල පසුවන පිරිස් වන අතර ඔවුන් බෙන්තොට, කොස්ගොඩ, අහුංගල්ල, බේරුවල, හැටන්, දෙහිඅත්තකණ්ඩිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි එක් සැකකරුවෙකු මාස 03ක කාලයක් පුනරුත්ථාපනය සඳහා බූස්ස පුනරුත්ථාපන කඳවුර වෙත යොමුකර තිබෙනවා.

සාදය සැළසුම් කළ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.