Thursday, April 25, 2024

General line - 0115112241

නවක වදය දුන් බවට සැකපිට 11ක් අත්අඩංගුවට

පාලිත ආරියවංශ




ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ සිසුන්ට මාස 5ක පමණ කාලයක සිට අමානුෂික නවක වදය ලබා දුන්නේ යැයි කියස සිද්ධියකට සැකපිට එම විශ්ව විද්‍යාලයේම තුන්වන වසරේ සිසුන් 10 දෙනෙක් අද (11) අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පැවසුවා.

නේවාසිකාගාරවලින් එළියට රැගෙන ගොස් සහ ආපනශාලාව ඇතුලු ස්ථාන කිහිපයකදී පහරදී වද දුන් බවට සිසුන් 04 දෙනෙකු විසින් කරන ලද පැමිණිලි අනුව  මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

පහරදීම්  නිසා තුවා ලැබූ සිසුන් බදුල්ල මහ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර  ලබාගෙන ඇති අතර සිසුන් දෙදෙනෙක් තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

බදුල්ල පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත හා සහකාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර සහ බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ වනිගසේකරගේ උපදෙස් මත බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි