Saturday, April 20, 2024

General line - 0115112241

කී‍්‍රඩා වැරදිවලට මිලියන 100 ක දඩයක් සහ වසර 10 ක සිරදඬුවමක් - පනත් කෙටුම්පත සම්මත වෙයි




කී‍්‍රඩාවලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (11) ඒකමතිකව සම්මත වුණා. ඒ අනුව තරඟ පාවා දීම, දුෂණය, නීති විරෝධී මෙහෙයවීම සහ නීති විරෝධී ඔට්ටු ඇල්ලීම යන චෝදනා සම්බන්ධයෙන් වරදකරු වන අයෙකුට රුපියල් මිලියන 100 නොඉක්මවන දඩයක් හෝ වසර 10 නොඉක්මවන සිර දඬුවමක් හෝ එම දඬුවම් දෙකම පැමිණවීමට හැකිවනු ඇති.

කී‍්‍රඩාවල පවතින දුෂණ, අක‍්‍රමිකතා වැලැක්වීමේ අරමුණෙන් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයට ඉදිරිපත් කර තිබුණා.

මෙම පනත අනුව කී‍්‍රඩා සංගම්වල වාර්ෂික මහා සභා රැස්වීම් පැවැත්වීමේදී, ඡන්දය පාවිච්චි කිරීමට සුදුසුකම් ඇති සාමාජිකයන්ගේ ලැයිස්තුවක් එම රැස්වීම පැවැත්වීමට අවම වශයෙන් දින 14 කට පෙර ඉදිරිපත් කළ යුතු වනවා.