Saturday, April 20, 2024

General line - 0115112241

අවසන් කැබිනට් රැස්වීමේදී සමුගැනීම ගැන කතා වෙයි




තමාට මෙතෙක් කලක් ජනාධිපතිවරයා ලෙස කටයුතු කර ගෙන යාමට සහය දැක්වූ සැමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (11) සිය කෘතඥතාව පළ කර තිබෙනවා.

ඒ, ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවැති අවසන් කැබිනට් රැස්වීමේදීයි. එහිදී අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍යවරුන් ද ජනාධිපතිවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ප‍්‍රශංසාව පළ කර තිබෙනවා.

අග‍්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ කුමන භේද පැවතිය ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ඇති කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හට ස්තූතිය පළකරන බවයි. 

ජනමාධ්‍ය, තොරතුරු දැනගැනීමේ අයිතිය ඇතුළු ක්ෂේත‍්‍ර රැසක නිදහස තහවුරු කරමින් ලෝකයේ ඇති නිදහස් රටක් බිහිකිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ බව අමාත්‍ය රාජිත සේනාරත්න ද එහිදී ප‍්‍රකාශ කර තිබෙනවා. ගතවූ දින 1,800 කට ආසන්න කාලය තුළ උද්ඝෝෂණ 3,000 ක් පමණ තිබූ නමුත් එක් පුද්ගලයෙකු හෝ ඝාතනය නොවූ බවයි අමාත්‍ය පාඨලී චම්පික රණවක ද කැබිනට් මණ්ඩලයේදී අද ප‍්‍රකාශ කර ඇත්තේ. 

අවසන් කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ තමන් ධූරයට පැමිණියේ ද, ඉන් සමුගෙන යන්නේද ඉතා සැහැල්ලූවෙන් බවයි.