Friday, March 29, 2024

General line - 0115112241

"පුරවැසිභාවය ගැන ඇත්තේ සැකයක් පමණයි" - නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නීතීඥයින් කියයි




ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ අමෙරිකානු පුරවැසිභාවය සම්බන්ධයෙන් චෝදනා එල්ල කිරීමට ඇත්තේ සැකයක් පමණක් බව ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය අද (11) ප‍්‍රකාශ කළා.

ඒ, නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ නීතීඥවරුන් කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීයි. 

ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ අමෙරිකානු පුරවැසිභාවය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු දැනගැනීමට ආණ්ඩුවට මෙතෙක් නොහැකිවුණේ මන්දැයි මාධ්‍යවේදීන් මෙහිදී ප‍්‍රශ්න කළා. 

එහිදී සඳහන් කෙරුණේ "රජයක් ලෙසින් කළ හැකි කාරණා තිබෙනවා. මෙවන් කාරණාවකදී රජයකට පියවරක් ගන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. මේ සම්බන්ධයෙන් වෙනමම නීති පද්ධතියක් තියෙනවා. ඒ ගනුදෙනුව රහස්‍ය ගනුදෙනුවක්. ඒ පිළිබඳව තුන්වන පාර්ශ්වයකට හෙළිදරව් කිරීමට අමෙරිකානු රජය බැඳී නෑ. " යනුවෙනි.