Friday, April 19, 2024

General line - 0115112241

ඉන්ධන මිලෙහි වෙනසක් නැහැ 




මේ මාසයේදී ඉන්ධන මිලෙහි වෙනසක් සිදුනොකරන බවත් පසුගිය මාසයේ ප්‍රකාශයට පත් කළ මිලට සමාන මිලකට ඉන්ධන අලෙවි වන කරන බව මුදල් අමාත්‍යාංශයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටිනවා.

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල වෙනසක් සිදු නොවූ බැවින් ඉන්ධන මිලෙහි වෙනසක් සිදුනොකරන බවයි එම ජේෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර සිටියා. 

සෑම මසකම 10 වන දින ලෝක වෙළදපලේ මිල ගණන් අනුව මුදල් අමාත්‍යාංශය විසින් ඉන්ධන මිල සූත්‍රයට අනුකූලව ඉන්ධන මිල සංශෝධනය සිදුකරනු ලැබුවා. ඒ අනුව, ඉන්ධන මිල පහත පරිදි පවතිනු ඇත.

පෙට්ට්‍රල් ඔක්ටේන් 92 - රු 137
පෙට්ට්‍රල් ඔක්ටේන් 95 - රු. 161
             ඔටෝ ඩීසල් - රු. 104
                සුපර් ඩීසල් - රු. 132