Friday, March 29, 2024

General line - 0115112241

ගෝඨාභයගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම යළි තහවුරු කෙරේ




ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ අමෙරිකානු පුරවැසිභාවය සම්බන්ධයෙන් කිසිඳු ගැටලූවක් නොමැති බව ඔහුගේ නීතීඥ, ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා. ඔහු කියා සිටියේ අදාළ නීත්‍යානුකූල ලියකියවිලි මැතිවරණ කොමිසමට පවා ඉදිරිපත් කළ බවයි. 
 

ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ බවට වන සියලූ ලේඛණ තමන් සතු බව ද ප‍්‍රකාශ කෙරුණා. 
 

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ නීතීඥවරුන් කොළඹදී ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වූ ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය ප‍්‍රකාශ කළේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ අමෙරිකානු පුරවැසිභාවය සම්බන්ධයෙන් චෝදනා එල්ල කිරීමට ඇත්තේ සැකයක් පමණක් බවයි. 

මේ අතර කිසියම් පුද්ගලයෙකු සිය අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත් බවට ඔහුගේ නම ඇතුළු අදාල තොරතුරු අමෙරිකානු ලේඛණයට ඇතුළත් වීමට සැලකිය යුතු කාලයක් ගත විය හැකි බව නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වූණා. 

අමෙරිකාවේ දකුණු කැරෝලීනාහි රොක් හිල් සෞඛ්‍ය පුනරුත්තාපන රෝහලේ ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ කෙන්ක් හෙක්ටර් සිය අත්දැකීම් මෙලෙස පැහැදිලි කළා.
 

මේ අතර ජනාධිපතිධූර අපේ්ක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම සනාථ කරන ලෙස ඉල්ලමන් පූජ්‍ය ඉගුරුවත්තේ සුමංගල හිමියන් කොළඹ නිදහස් චතුරස‍්‍රයේදී උපවාසයක්ද ආරම්භ කළා.

කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ එම ස්ථානයට වැඩම කළ සෙයිජින් නිකායේ භික්ෂූන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ඉල්ලා සිටියේ අදාල උපවාසය නතර කරන ලෙසයි.

එම නිකායේ මහ නායක පූජ්‍ය ඉගුරුවත්තේ පියනන්ද හිමියන් ප‍්‍රකාශ කළේ ජනාධිපතිධූර අපේ්ක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් තම නිකායට ගැටළුවක් නොමැති බවයි.