Saturday, April 20, 2024

General line - 0115112241

හඳුනා නොගත් වකුගඩු රෝග නිවාරණයට ඕස්ටේ‍්‍රලියාවේ සහය දිර්ඝ කෙරේ




මෙරට පැතිර යන හඳුනා නොගත් වකුගඩු රෝග නිවාරණය සඳහා  ඕස්ටේ‍්‍රලියාවේ සහයෝගීතා වැඩපිළිවෙල තවත් වසර දෙකකින් දීර්ඝ කර තිබෙනවා.

මෙම වැඩපිළිවලට දායකත්වය ලබා දෙන්නේ වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය සහ  ඕස්ටේ‍්‍රලියාවේ න්‍යාෂ්ඨික විද්‍යා හා තාක්ෂණ සංවිධානයයි.

2017 වසරේ මැයි මස 25 වන දින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ  ඕස්ටේ‍්‍රලියාවේ හිටපු අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් අතර මෙම ගිවිසුමට අත්සන් තැබුණා.

එය අවසන් වුණේ ඉකුත් මැයි 25 වනදායි.