Saturday, April 20, 2024

General line - 0115112241

ජනාධිපතිවරණයට පොලිසියෙන් දැඩි ආරක්ෂාවක්




ජනාධිපතිවරණයේ ආරක්ෂක කටයුතු සදහා පොලිස් නිලධාරීන් හැට දහසකට අධික සංඛ්‍යාවක් යෙදවීමට තීරණය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ ඡන්ද පොළ ආරක්ෂාව සදහාද විශේෂ ආරක්ෂක වැඩ පිළිවලක් සකස් කර ඇති බවයි.

මෙහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ පොලිස් නිලධාරීන් හය දහසකට වැඩි සංඛ්‍යාවක් පොලිස් ජංගම සංචාර සදහාද එක් කරන බවයි. 

එමෙන්ම ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාව වෙනුවෙන්ද විශේෂ වැඩ පිළිවලක් සකස් කරන බවද ඔහු සඳහන් කළා.