Thursday, April 25, 2024

General line - 0115112241

"විශේෂ ප්‍රකාශයක්" ගැන ජනාධිපති මාධ්‍ය අංශය කරුණු හෙළි කරයි




පසුගිය පස් වසරක කාලය තුලදී තමන් ගත් තීන්දු තීරණ සම්බන්ධයෙන් මේ මස 18 වෙනිදා ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකරන බවට සමාජ මාධ්‍ය ඔස්ස්සේ පැතිරෙන ප්‍රචාරයන් හි කිසිදු සත්‍යතාවයක් නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.

ජනාධිපතිවරයා විසින් පසුගිය දිනකදී සිය පවුලේ සාමාජිකයින් සහ සමිපතයින් කිහිපදෙනෙක් සමග විශේෂ සාකච්ජාවක් පවත්වා ඇති බවත් එහිදී පසුගිය පස් වසරක කාලයේදී තමන් ගත් ඇතැම් තීන්දු තීරණ සම්බන්ධයෙන් කණගාටුවන බව පවසමින් ඒ ගැන සත්‍ය කරුණු ජනතාවට හෙළිකරන බවට ප්‍රකාශ කර ඇති බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරුවන ප්‍රචාරණයන් හි දැක්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සිය නිවේදනයේ සඳහන් කර ඇත්තේ.

ජනාධිපතිවරණයේ අවසන් දින කිහිපයේදී කුමන පාර්ශ්වයක් වුවත් ජනාධිපතිවරයා සම්බන්ධ කර ගනිමින් මෙවැනි ආකාරයේ අසත්‍ය ප්‍රවෘත්ති පල කිරීම සහ ප්‍රචාරණය කිරීම පිළිබඳව දැඩි සේ කණගාටුවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.