Friday, March 29, 2024

General line - 0115112241

නවක වද සිද්ධියකට අත්අඩංගුවට ගත් ඌව වෙල්ලස්ස සරසවියේ සිසුන් දස දෙනා රිමාන්ඞ්

පාලිත ආරියවංශ - බදුල්ල




ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ සිසුන් සිව්දෙනෙකුට නවක වදය දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම විශ්ව විද්‍යාලයේම තුන්වන වසරේ ඉගෙනුම ලබන සිසුන් දස දෙනෙකු හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, සැකකාර සිසුන් අද (11) බදුල්ල වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ලබා දුන් නියෝගයට අනුවයි. රක්ෂිත බන්ධනාගාරගත කළ සිසුන්ට එරෙහිව 1998 නවක වද පනත යටතේ නඩු පවරන බවයි බදුල්ල පොලිසිය සඳහන් කළේ. ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ සිසුන් සිව් දෙනෙකුට පහර දීමක් පිළිබඳ ලද පැමිණිල්ලකට අනුව මෙම සිසුන් පිරිස අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් හයවනදායි.