Saturday, April 20, 2024

General line - 0115112241

පරිපාලන දෝෂ නිසා පොලිසියේ 25 කට තැපැල් ජන්දය අහිමිවෙයි 




මෙවර ජනධිපතිවරණය සඳහා වැල්වැටිතුරේ පොලිසියේ නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද අයදුම්පත් 54 කින් අයදුම්පත් 43ක් ප්‍රතික්ෂේප වී තිබෙනවා. එලෙස ප්‍රතික්ෂේප වී ඇති තැපැල් ජන්ද පත්‍රිකා වලින් 25ක් ප්‍රතික්ෂේප වී ඇත්තේ පොලිස් ස්ථානයේ ඇති පරිපාලන දුර්වලතා හේතුවෙන් බවට අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කර සිටියේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය විසින්ද මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

පරිපාලන දෝෂ හේතුවෙන් ප්‍රතික්ෂේප වූ තැපැල් ජන්ද අයදුම්කරුවන් සඳහා මැතිවරණය පැවැත්වෙන නොවැම්බර් 16 වෙනිදා ජන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු ලබා දීමට කටයුතු යොදා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.