Monday, July 13, 2020

Advertising - 0773953664 | General line - 0115112241

එල් ටී ටී ඊ තහනම ඉන්දීය විනිශ්චය සභාවක් තහවුරු කරයි

672Views


 


 

එල් ටී ටී ඊ සංවිධානය තවත් වසර 05 කට තහනම් කිරීම සඳහා ඉන්දීය රජය ගත් තීරණය එරට ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය සභාවක් මගින් තහවුරු කර තිබෙනවා. අදාළ තහනම ඉදිරියට පැවතිය යුතු ද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා නරේන්ද්‍ර මෝදි රජය මගින් එම විනිශ්චය සභාව පිහිටවනු ලැබුවා.

ඒ අනුව, එම විනිශ්චය සභාව මගින් එල් ටී ටී ඊ තහනම තවදුරටත් පවත්වා ගත යුතු බව තහවුරු කර ඒ පිළිබඳ ඉන්දීය රජයට දැනුම් දී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා අනාවරණ කළේ. එල් ටී ටී ඊ සංවිධානය තහනම් සංවිධානයක් ලෙස ඉන්දීය රජය විසින් ප්‍රකාශයට පත් කළේ 1991 වසරේ සිදු වූ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතන සිද්ධියෙන් පසුවයි.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here