Friday, April 26, 2024

General line - 0115112241

මැතිවරණ නීති කැඩූ ඇමතිවරයෙකුට දඩ




ජනාධිපති අපේක්ෂකයෙකුගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සමඟ ඔහුට සහාය වන අමාත්‍යවරයකුගේ සංවර්ධන කටයුතු පිළිබඳ ලිපියක් යවා තිබීම සම්බන්ධයෙන් මහනුවර මැතිවරණ කාර්යාලය විමර්ශන සිදුකර තිබෙනවා.

ඒ අදාළ ලිපි ලද තැනැත්තන් විසින් කරන ලද පැමිණිලිවලට අනුවයි.

ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනත අනුව එවැනි ලිපි යැවීම වරදක් වනවා.

ඒ අනුව එම ලිපි යැවීමට අදාල තැපැල් ගාස්තු ගෙවන ලෙසයි අදාළ අමාත්‍යවරයාට මහනුවර මැතිවරණ කාර්යාලය නියෝග කර ඇත්තේ.

එවැනි ලිපි 5000ක් පමණ අදාළ අමාත්‍යවරයා විසින් මහනුවර දිස්ත‍්‍රික්කයේ ඡන්ද දායකයින් වෙත යොමු කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග අනාවරණ කළේ.

මේ අතර ඊයේ (12) දිනට යෙදී තිබූ ඉල්පුර පසළොස්වක පොහෝ දා විහාරස්ථාන කිහිපයක පැවැති ධර්ම දේශනා අවසානයේ ජනාධිපති අපේක්ෂකයෙකුට ඡන්දය ලබාදෙන ලෙස එම ධර්ම දේශනා පැවැත්වූ ස්වාමීන් වහන්සේලා සිදුකර ඇති ප‍්‍රකාශයන් සම්බන්ධයෙන් ද මැතිවරණ කොමිසම වෙත පැමිණිලි ලැබී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙස මැතිවරණ කොමිසම මගින් පොලීසියට දැනුම් දී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.