Friday, April 26, 2024

General line - 0115112241

ජනාධිපති සමාව යටතේ රැඳවූවන් 267 දෙනෙකු නිදහස් කිරීමට සූදානම්




රැඳවූවන් 267 දෙනෙකු ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට නියමිතව ඇතැයි බන්ධනාගාර ආරංචි පවසනවා.

ඉකුත්දා යෙදුණු දීපවාලි සැමරුමට සමගාමීව මෙම රැඳවූවන් නිදහස් කිරීමටයි අපේක්ෂා කෙරෙන්නේ.

මීට අදාළ ලිපිය මේ වනවිටත් බන්ධනාගාර අමාත්‍යාංශය වෙත ලැබී ඇතැයි ද වාර්තා වුණා.

මෙහිදී ජනාධිපති සමාව සඳහා නිර්දේශ වී ඇති සියලුදෙනා වයස අවුරුදු 70 ඉක්මවූ හෝ සුළු වැරදි සඳහා සිරගත වූ හෝ දඩ ගෙවාගත නොහැකිව සිරගත වූ අයයි.

ළමා අපචාර, මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය හෝ සංවිධානාත්මක අපරාධ වැනි බරපතළ අපරාධ සඳහා වරදකරුවන් වූ කිසිවෙකු මෙහිදී ජනාධිපති සමාව සඳහා නිර්දේශ වී නැතැයි ද වාර්තා වුණා.