Friday, April 19, 2024

General line - 0115112241

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට පුහුණු වෙමින් සිටි ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවනුත් ජනාධිපතිවරණයේ හදිසි රාජකාරී සඳහා කැඳවයි




මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට එක්වීමට නියමිත ත්‍රිවිධ හමුදාව නියෝජනය කරන ශ්‍රී ලාංකික ක්‍රීඩක - ක්‍රීඩිකාවන් ජනාධිපතිවරණය හේතුවෙන් දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා.

ඒ ජනාධිපතිවරණයේ හදිසි රාජකාරී සඳහා ඔවුන් කැඳවා තිබීම හේතුවෙන්. 

ත්‍රිවිධ හමුදාව නියෝජනය කරන ක්‍රීඩක - ක්‍රීඩිකාවන් මැතිවරණ සමයකදී මෙලෙස හදිසි රාජකාරී සඳහා කැඳවීම සාමාන්‍ය තත්වයක් වනවා.

ගැටලුව වී ඇත්තේ මෙවර ජනාධිපතිවරණය යෙදී ඇත්තේ ඔවුන් දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා පුහුණුවීම්වල නිරත වන කාලවකවානුවේදී වීමයි.

ඒ අනුව හදිසි රාජකාරී සඳහා කැඳවීම හේතුවෙන්, සැලසුම් කළ ඔවුන්ගේ පුහුණුවීම්වලට  බාධා පැමිණ ඇති  බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වුණේ.

උද්ගත වී ඇති මෙම තත්වයට ක්‍රීඩා අමාත්‍යංශයේ බලධාරීන් වහා මැදිහත්වනු ඇතැයි පීඩාවට පත්  ක්‍රීඩක - ක්‍රීඩිකාවන් අපේක්ෂා කරනවා.