Friday, April 19, 2024

General line - 0115112241

අනාගතයේ ලොව බලවත් නායකයින් 100 දෙනා අතරට ලංකාවෙන් තරුණියක්




අනාගතයේ ලොව බලවත් නායකයින් බවට පත්වෙනු ඇති බවට අමෙරිකාවේ ටයිම්ස් (Times) සඟරාව විසින් අනාවැකි පළකරන නායකයන් 100 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ තරුණියක් ද ඇතුලත්ව තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ තරුණ කටුයතු පිළිබඳ නියෝජිතවරිය ලෙස කටයුතු කරනු ලබන ජයත්මා වික්‍රමනායක ඩයස් මෙම ලැයිස්තුවට එක් කිරීමට ටයිම්ස් සඟරාව පියවර ගෙන ඇත්තේ වසර 2030 වන විට තරුණ කටයුතු පිළිබඳ තිරසර සංවර්ධනය සඳහා වූ ප්‍රතිපත්ති සැකසීම වෙනුවෙන් ඇය ඉටුකරමින් සිටින දැවැන්ත කාර්ය භාරය හේතුවෙන්ය.

1990 වසරේ බෙන්තොට, හබුරුගල ප්‍රදේශයේදී උපත ලැබු ජයත්මා වික්‍රමනායක ගාල්ල සංඝමිත්තා විදුහලෙන් සිය මුලික අධ්‍යාපනය ලබා ඇති අතර පසුව කොළඹ විශාඛා විද්‍යාලයෙන් සිය පාසැල් අධ්‍යාපනය නිමා කොට ඇත. ඇය කොළඹ සරසවියෙන් විද්‍යාවේදී උපාධියක් ද හිමිකරගෙන ඇත.

2017 වසරේදී එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් විසින් සිය තරුණ කටයුතු නියෝජිතවරිය ලෙස ජයත්මා වික්‍රමනායක පත් කරනු ලැබුවා.

අමෙරිකාවේ ටයිම්ස් සඟරාව විසින් තමන්ව බලවත් නායකයින් බවට පත්වෙනු ඇති බවට සිදුකරනු ලැබූ අනාවැකිය සම්බන්ධයෙන් ජයත්මා වික්‍රමනායක ඩයස් විසින් සිය ෆේස්බුක් ගිණුම හරහා තබා තිබු පණිවිඩයයි මේ,