Saturday, April 20, 2024

General line - 0115112241

අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ජන්ද 17කින් සම්මතයි 

සනත් ගමගේ 




අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ 2020 වර්ෂය සඳහා වන අයවැය කෙටුම්පත වැඩි ජන්ද 17 කින් අද (14) සම්මත වුනා. අයවැයට පක්ෂව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජන්ද 22ක් ලබාදුන් අතර විපක්ෂව ජන්ද 05ක් ජනතා විමුක්ති පෙරමුණේ සභිකයින් පමණක් ලබා දුන්නා.

අම්බලන්තොට ප්‍රාදේශීය සභාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලය යටතේ පවති. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් සභිකයින් 17 දෙනෙක් ද, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් සභිකයින් 06 දෙනෙක් ද, ජනතා විමුක්ති පෙරමුණේ නියෝජනය කරමින් සභිකයින් 05 දෙනෙක් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් සභිකයින් 03 ක් වශයෙන් මුළු සභික ගණන 31 දෙනෙක් සිටියි. ජන්ද විමසීම් සිදුකරන අවස්ථාවේදී සාමාජිකයින් 09 දෙනෙක් නොසිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.

අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති දර්ශන සංජිව විසින් 2020 වසර සඳහා වන අයවැය කෙටුම්පත සභාවට ඉදිරිපත් කරනු ලැබුවා. පුනාවර්තන ආදායම දහතුන් කෝටි හැත්තෑ හතර ලක්ෂ විසිපන්දහස් එක සියක් වන අතර පුනාවර්තන වියදම දොළොස් කෝටි හැත්තෑ තුන් ලක්ෂ පනස් දෙදහස් හයසීයක් වේ. අදායම් සහ වියදම් අතර අතිරික්තය රුපියල් දහසක් පමණක් බවයි සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ.