Friday, April 19, 2024

General line - 0115112241

මැතිවරණ කොමිසමේ සභාපතිට එරෙහිව උපවාස කළ TNA හිටපු මන්ත්‍රි අත්අඩංගුවට (PHOTOS)

දිනසේන රතුගමගේ - වවුනියාව




මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට එරෙහිව යාපනය මැතිවරණ  කාර්යාලය ඉදිරිපිට උපවාසයක නිරත වූ දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රිවරයෙකු ඊයේ (14) වෙනිදා සවස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ටී.තම්බිරාසා නැමති ඔහු පවසා ඇත්තේ යාපනය මැතිවරණ කාර්යාලයේ ඇති කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද හිමි නාමලේඛනයේ ඡන්දදායකයින්ගේ නම්  සිංහලෙන් පමණක්න් තිබීම නිසා යාපනයේ සිටින දෙමළ ජනතාව දැඩි දුෂ්කරතාවයකට මුහුණ දුන් බවයි.

පොලීසිය පැමිණ ඔහුට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දැණුම් දී ඇත්තේ එම ස්ථානයේ උපවාස කිරීම නීති විරෝධී බවට දැනුම් දී සිටියත් ඔහු එම ස්ථානයෙන් ඉවත් නොවී පොලිස් නිලධාරීන් සමග බහින් බස් වීමෙන් පසුව ඔහුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි අප නෙත් නිව්ස් වාර්තාකරු සඳහන් කළේ.