Thursday, April 18, 2024

General line - 0115112241

ජන්ද පෙට්ටි නිකුත් කිරීම ඇරඹේ (PHOTOS)

රොෂාන් තුෂාර තෙන්නකෝන් / ටි.කේ.මහින්ද / මාධව කුලසුරිය/ රංජිත් රාජපක්ෂ




ජනාධිපතිවරණයේ ඡන්ද විමසිම සදහා යොදා ගැනෙන ඡන්ද පෙට්ටි සහ ලියකියවිලි ඡන්ද මධ්‍යස්ථාන වෙත නිකුත් කිරීම සහ ප්‍රවාහනය මේ වනවිටත් සිදු කෙරෙනවා. තේරීම්භාර නිලධාරීවරුන් පැවසුවේ විශේෂ ආරක්‍ෂාවක් යටතේ මෙම කටයුතු සිදුවන බවයි.මේ, කළුතර තේරීම් භාර නිලධාරී යූ ඩී සී ජයලාල්.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් මාතර තේරීම් භාර නිලධාරී ප්‍රදීප් රත්නායකගෙන්ද විමසීමක් කළා.

ඇති විය හැකි හදිසි ආපදා සදහාද මුහුණදීමට සූදානමින් සිටින බවයි මාතර තේරීම් භාර නිලධාරී ප්‍රදීප් රත්නායක වැඩිදුරටත් පැවසුවේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේද ඡන්ද පෙට්ටි සහ ලියකියවිලි ඡන්ද මධ්‍යස්ථාන වෙත නිකුත් කිරීමේ කටයුතු මේ වනවිට සුහුසුළුව සිදු කෙරෙනවා. ඒ පිළිබද සොයා බැලුවා නෙත් නිවුස් වාර්තාකරු නිහාල්සිරි ගම්ලත්.

ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි සහ ලියකියවිලි නිකුත් කිරීම සහ ප්‍රවාහනය කිරීම නිරීක්‍ෂණය කිරීම සදහා නෙත් නිවුස් වව්නියාව වාර්තාකරු මාධව කුලසූරියද ක්‍ෂේත්‍ර චාරිකාවක යෙදී සිටිනවා. මේ, ඔහු සැපයූ වාර්තාවක්.

සෙස දිස්ත්‍රික්කවල මෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේද ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි සහ ලියකියවිලි නිකුත් කිරීම සහ ප්‍රවාහනය සාමකාමීව සිදු වනවා. මේ, ඒ පිළිබද කරුණු දක්වන මහනුවර තේරීම් භාර නිලධාරී තිස්ස කරුණාරත්න.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් බදුල්ල තේරීම් භාර නිලධාරී දමයන්ති පරණගමගෙන්ද විමසීමක් කළා.

ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීමේදී සෑම ඡන්ද පෙට්ටියකටම අවිගත් එක නිලධාරියෙකු බැගින් වන පරිදි විශේෂ ආරක්‍ෂාවක් සැපයෙන බව පොලීසිය පැවසුවා. 

මේ අතර ඡන්ද පෙට්ටි සහ ලියකියවිලි ඡන්ද මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමෙන් පසු පස්වරුවේ ඡන්ද මධ්‍යස්ථානවලදි ඡන්ද විමසීම සදහා වූ පෙරහුරුවක් ද පැවැත්වීමට නියමිතයි. ඡන්ද මධ්‍යස්ථාන වෙතද විශේෂ ආරක්‍ෂාවක් සපයා තිබෙන බව පොලීසිය පැවසුවා.
මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින මුළු ඡන්ද දායකයින් සංඛ්‍යාව එක් කෝටි 59 ලක්‍ෂ 92,096 ක්. ඡන්ද විමසීම හෙට පෙරවරු හතේ සිට පස්වරු 5 දක්වා පැවැත්වෙනවා.