Thursday, April 25, 2024

General line - 0115112241

ජනපතිවරණය වෙනුවෙන් පොලීසියෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක්




ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ ඒ සඳහා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඇතුලුව පොලිස් නිලධාරින් 60,175 දෙනෙකු යොදවා ඇති බවයි. ඔවුන් ඡන්ද පොළ රාජකාරී, ජංගම සංචාර, මාර්ග බාධක හා ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් අනුයුක්ත කර ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

මේ අතර මැතිවරණ නීතිය උල්ලංඝනය කරනු ලබන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩි ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ.

ජනාධිපතිවරණයේ ආරක්ෂාව සදහා කැරලි මර්ධන ඒකක සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ද අනුයුක්ත කර ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.