Thursday, April 25, 2024

General line - 0115112241

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රථමයෙන් ගෙන ඒමට නෙත් රේඩියෝවෙන් මෙහෙයුම් ඒකකයක් - ෆේස්බුක් ඔස්සේත් සජීවී විකාශයක්




රටේ මීළග ජනාධිපතිවරයා තෝරා ගැනෙන ජනාධිපතිවරණයේ මේ දක්වා තොරතුරු නිවැරදිව, අපක්‍ෂපාතීව, වගකීමෙන් සහ ඉක්මණින්ම සන්නිවේදනය කළ නෙත් නිවුස් අද පැවැත්වෙන ඡන්ද විමසීම පිළිබද තොරතුරුද එලෙස නිවැරදිව, අපක්‍ෂපාතීව, වගකීමෙන් සහ ඉක්මණින්ම ඔබ වෙත වාර්තා කිරීමට සූදානමින් සිටිනවා. 

අද ඡන්ද විමසීම ආරම්භ වන අවස්ථාවේ සිට අවසන් ප්‍රතිඵලය නිකුත් කිරීම දක්වා ජනාධිපතිවරණයට අදාළ සියළු තොරතුරු නෙත් නිවුස් විසින් වාර්තා කරන්නේ ජනාධිපතිවරණ විශේෂ මෙහෙයුම් මැදිරියේ සිටයි. 

කිසියම් ඡන්ද නීතියක් උල්ලංඝණය වන අවස්ථාවක් පිළිබද දැනගතහොත් ඒ බව නෙත් නිවුස් ජනාධිපතිවරණ විශේෂ මෙහෙයුම් මැදිරිය වෙත සැල කිරීම සදහා ඔබටද අවස්ථාව විවෘත වනවා. එලෙස ලැබෙන තොරතුරු වගකිව යුතු අදාළ ආයතන වෙත යොමු කර සුදුසු පියවර ගැනීමට එම ආයතන උනන්දු කිරීමටද නෙත් නිවුස් කණ්ඩායම සූදානම්. 

රට පුරා සිටින නෙත් නිවුස් ප්‍රාදේශීය වාර්තාකරුවන් සහ සෙසු සම්පත් දායකයන්ද ජනාධිපතිවරණ විශේෂ මෙහෙයුම් මැදිරිය සමග සම්බන්ධ වනවා. 

මේ අතර ජනාධිපතිවරණයේ පළමු ප්‍රතිඵලයේ සිට නිකුත් කෙරෙන සෑම ප්‍රතිඵලයක්ම නිවැරදිව හා ඉක්මණින්ම ඔබ වෙත වාර්තා කෙරෙන්නේ නෙත් එෆ් එම් විශේෂ ජනාධිපතිවරණ ප්‍රතිඵල විකාශයෙන්. නිකුත් කෙරෙන ප්‍රතිඵල පසුගිය ප්‍රතිඵල සමග සන්සන්දනය කරමින් සිදු කෙරෙන විශ්ලේෂණද ඊට ඇතුළත් වනවා.

nethnews.lk අපගේ වෙබ් අඩවිය හරහාද ප්‍රතිඵල එසැණින් දැන ගැනීමට ඔබට හැකියි.

එමෙන්ම නෙත් එෆ් එම් නිල ෆේස්බුක් පිටුව ඔස්සේ ද ජනාධිපතිවරණයේ නිල ඡන්ද ප්‍රථිඵල සහ ජනාධිපතිවරණයේ අලුත්ම තොරතුරු දැනගැනීමට හැකියාව පවතිනවා.

Neth FM ෆේස්බුක් පිටුව ඔස්සේ දෙස් විදෙස් චිත්‍රපට සමග ප්‍රතිඵල සජීවී විකාශයක් ලෙසින් ගෙන ඒමට සියල්ල සුදානම් කර තිබේ.