Friday, March 29, 2024

General line - 0115112241

ගෝඨාට එරෙහිව තවත් මඩ වීඩියෝවක් - වීඩියෝව අසත්‍යයක් බවට ඇමෙරිකානු තානාපති කාර්යාලයෙනුත් විශේෂ ප්‍රකාශයක්




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ අමෙරිකානු පුරවැසි භාවය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝව ව්‍යාජ එකක් බව මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය තහවුරු කර තිබෙනවා. 

එහි ප්‍රකාශිකා නැන්සි වැන්හෝන් පැවසුවේ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයක් ලෙස සකස් කෙරුණු මෙම වීඩියෝව හඬ කවා අර්ථ විකෘති කර සකස් කළ එකක් බවයි.

මේ අතර ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසි භාවය සම්බන්ධයෙන් අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂ යොදා ගනිමින් සකස් කළ ව්‍යාජ ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් ඇති බව ජනාධිපති නීතීඥ අලි සබ්රි ඊයේ ප්‍රකාශ කළා. 

එම ලිපියේ ඇතුළත් කරුණු අසත්‍ය බවයි ඔහු ප්‍රකාශ කළේ. 

මහජනතාව නොමග යවන මෙවැනි අසත්‍ය කරුණු ඇතුළත් මෙම ව්‍යාජ ලිපිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතීඥවරුන් ද මැතිවරණ කොමිසම වෙත ඊයේ පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබුණා.