Friday, March 29, 2024

General line - 0115112241

නව ජනාධිපතිගෙන් මැතිවරණ කොමසාරිස් සිදුකළ විශේෂ ඉල්ලීම




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ජන්ද 6924,255 (52.25%) ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත් කරගනු ලැබූ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය නිවේදනය කරනු ලැබුවා. 

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ජන්ද 556,4239 (41.99%) ක් ලබා ගත් බවත් අනුර කුමාර දිසානායක ජන්ද 418,553 (3.16%) ක් ලබා ගෙන ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රකාශිත මුළු ජන්ද ප්‍රමාණය 133,87951 ක් බවත් ඉන් වලංගු ජන්ද ප්‍රමාණය 132,52499 ක් බවත් ප්‍රතික්ෂේප ජන්ද සංඛ්‍යාව 135,452ක් බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ. 

මෙවර ජනාධිපතිවරණයේදී ප්‍රකාශිත මුළු ජන්ද ප්‍රතිශතය සියයට 83.72ක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මැතිවරණය නිදහස් හා සාමකාමිව පැවැත්වීම උපකාර කරනු ලැබූ සියළු දෙනාට තමන් ස්තුතිය පුදකරන බවට ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම අතුරුදහන් කරන ලද පළාත් සභා මැතිවරණයන් හැකි ඉක්මනින් පවත්වන්න කටයුතු කරන ලෙස මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් ඉල්ලා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා,

" සාමකාමී ජන්දයක් පැවැත්වීමට අවස්ථාව උදාකර දුන් ජනාධිපතිතුමා, අගමැතිතුමා, කථානායකතුමා, විපක්ෂනායක සහ සියලුම ජනාධිපති අපේක්ෂකයින්ට අප ස්තුතිය පුදකරමි. ඉතිහාසයේ පළමු වරට ජනාධිපතිවරයා නිර්පාක්ෂිකව සිටිමින් ලබාදුන් සහයෝගය ගැන ස්තුතිය පළකරමි.

ජනාධිපතිධුර අපේක්ෂකයින් මෙන්ම සියලුම දේශපාලන නියෝජිතයින්, ප්‍රාදේශීය නියෝජිතයින් සියලු දෙනාගේ සහයෝගය නිසා මෙවර ජනාධිපතිවරණ මැතිවරණය සාමකාමිව පැවැත්වීමට හැකියාව ලැබුණා. ඒ සඳහා උපකාරිවූ ජන්ද නිරීක්ෂකයින්, සිවිල් සංවිධාන, රජයේ ජේෂ්ඨ සහ දෛනික වැටුප් ලබන සේවකයින්ද, මාධ්‍යවේදීන් හා ජන්ද හිමියන්ට අපගේ ස්තුතිය පුදකරමි. 

එමෙන්ම මැතිවරණ කොමිසමේ සියලු නිලධාරීන්, දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් ඇතුළුව සහයෝගය දැක්වූ සෑම නිලධාරියෙකුටම මැතිවරණ කොමිසන් සභාවේ ස්තුතිය පුදකරමි.

එමෙන්ම ආරක්ෂක කටයුතු වෙනුවෙන් කැපවූ පොලිස් දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන් සහ ආරක්ෂක අංශ දැක්වූ සහයෝගය ගැන මා ස්තුති කරමි.

පොලිතින් සහ පෝස්ටර් භාවිතයෙන් තොරව පැවැත්වීමට ජනාධිපතිවරණය ආරම්භයේදීම සියලු ජනාධිපති අපේක්ෂකයින් එකඟවීම සහ දැක්වූ සහයෝගය ගැන මා සතුටු වෙමි. කෙසේ වුවත් මෙම මැතිවරණයේදී අප අංශ කිහිපයකින් අසාර්ථක වුවා. ඉන් පළමු දේ වන්නේ රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය පාලනය කිරීමට හැකියාවක් නොමැතිවීම ගැන කණගාටුවෙමි.

රජයේ මාධ්‍යවල නීතිවිරෝධී ලෙස කටයුතු කළ නිලධාරීන්ට එරෙහිව මැතිවරණ කොමිසන් සභාවේ තිබෙන නීති අනුව ඉදිරියේදී කටයුතු කරන බවයි මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ. එමෙන්ම පෞද්ගලික මාධ්‍ය ආයතනවල පාලනය කිරීමට නව නීති ගෙන ඒමට කටයුතු කළ යුතු බව ඔහු ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම ත්‍රිවිධ හමුදාවන් දේශපාලන කටයුතු වල නිරත නොවු බවත් ඉදිරියේදී ආරක්ෂක අංශ සාමාජිකයින් නිල ඇදුම් සහිත ජයාරූප යොදා ගනිමින් ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගැනීම වැළැක්වීමට කටයුතු කළ යුතු බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කර සිටියේ.

ඇතැම් රජයේ නිලධාරීන් දේශපාලන කටයුතුවල යෙදීම ගැන තොරතුරු ලද බවත් ඔවුන්ට එරෙහිව ආයතන සංග්‍රහයේ නීති අනුව ඉදිරි පියවර ගන්නා බවද ඔහු කියා සිටියා. ආගමික පුජකවරුන් ද මෙම මැතිවරණයේදී විශාල වශයෙන් රැස්වීම පැවැත්වීම ගැන අප අධ්‍යනය කළා. ඉදිරියේදී එවැනි දේ සඳහා දේශපාලකයින් එක්නොවී සිටිනු ඇති බව අපේක්ෂා කරන බව" මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ.