Thursday, March 28, 2024

General line - 0115112241

දුන් පොරොන්දු ඉටු කරනවා : නව ජනපති පවසයි 




තමාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කොට තිබු සියලු කරුණු ඉටු කිරීමට ඇපකැප වෙන බව නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියා. ඒ මැතිවරණ කොමිසන් සභාවේදී පැවති මාධ්‍ය හමුවේදී.

මෙහිදී අදහස් දැක්වූ නව ජනාධිපතිවරයා,

නිදහස් සහ සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සෑම නිලධාරියෙකුටම මාගේ ස්තුතිය පුද කරමි. 

එමෙන්ම මා විසින් ලබාදුන් ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු සියලු කරුණු මාගේ ධුර කාලයේදී ඉටු කිරීමට මා පොරොන්දු වෙනවා වගේම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මාගෙන් ඉල්ලු පරිදි නියමිත කලට අවශ්‍ය මැතිවරණයන් පැවැත්වීමට මා කටයුතු කරමි.

මාහට ජන්දය ලබාදුන් ජන්ද දායකයින්ට මෙන්ම මට විරුද්ධව ජන්දය ලබාදුන් සියලු දෙනාට මගේ ස්තුතිය පුදකරමි. එමෙන්ම ඔබ සියලු දෙනාගේ ජනාධිපතිවරයා වශයෙන් රටේ සියලු ජනතාවට සේවය කිරීමට කැපවෙන බව මෙහිදී නව ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.