Thursday, April 25, 2024

General line - 0115112241

මැතිවරණ කොමිෂන් සභාව යළිත් සූදානම් බව කියයි




ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා තෝරා පත්කර ගත් ලෙස ප්‍රකාශයට පත් කළ බවට මැතිවරණ කොමිෂන් සභාව අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ඒ, ඊයේ (17) රාත්‍රියේයි.

එම අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබද පනතට අනුවයි.

මේ අතර ජනාධිපතිවරණය අවසන් වී සතියක කාලයක් ගතවන තුරු රථ වාහන පෙළපාලි සහ රැස්වීම් පැවැත්වීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ පිළිබඳ කරුණු දැක්වූයේ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායකයි.

කඩිනමින් මහ මැතිවරණයක් හෝ පළාත් සභා මැතිවරණයක් පවත්වන්නේ නම් ඒ සඳහාද මැතිවරණ කොමිෂන් සභාව සූදානම් බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.